මට ඔහුව කවදාවත් දැනුනේ නැ

 මට ඔහු කවදවත් දැනුනේ න

මන් ජීවිතේ ගොඩක් ආදරේ හෙව්ව කෙනෙක්.මගේ අම්මා තාත්තා කවුරුත් නැ.මගෙ ජිවිතෙ මන් ආදරය කරපු පිරිමි ළමයා මාව  අනාත කරලා දාල යනවා.ඔහුගේ මින් ළමයෙක් නැති උනත් කෙල්ලෙක්ගෙ ජිවිතෙ විනාස වෙන්න ඔන හැමදේම එයා විනාස කරලා මාව දාල වෙන කෙනෙක් ගාවට යනවා.මන් හිටියෙ ලොකු පීඩනයකින්.ඔහොම ටික කාලයක් යද්දි මට හම්බ වෙනවා යසිරු කියලා කෙනෙක්.එයා මට වඩා මාස කීපයක් බාලයි.මගේ දුක හැමදේම මන් එයා එක්ක කියනවා.ඒත් මන් එක දෙයක් කියන් නැ.ඒ මන් අර කොල්ලා අතින් අනාත වුනා කියලා.ඔහොම කාලයක් යද්දි ඒ මල්ලි මට ආදරෙයි කියනවා.මාත් ඔහුට පෙරලා ආදරයි කියලා කියනවා.නමුත් මන් ඇත්තටම එයාට ආදරේ කලේ නැ.මට උවමනා උනේ මගේ පාලුව මකාගන්න.සිද්ද වුන දෙයින් මට පිරිමී එපා වෙලා ගියා.එයා මට ආදරය කලාට මන් එයාට අදරේ කලේ නැ.

මන් කලේ මගෙ තනිය මකා ගත්ත එක.ඔය අතරතුර මට අයියා කෙනෙක් හම්බ වෙනවා.අපි අදුන ගන්නවා.එයත් මට ආදරෙයි කියනවා.මම නොදන්න හේතුවක් මත මමත් ඒ අයියට ආදරේ කරන්න පටන් ගත්තා.අර මල්ලිට ආදරේ කරන්න හිතක් මට තිබබේ නැ.මන් එයා භාවිතා කලේ මගේ තනිය මකාගන්න විතරයි.අදුනගත්ත අයියට මන් හැමදේම කිව්වා.එයත් ටික දවසකින් රූම් යන් කිව්වා.එයත් පොරොන්දු ගොඩක් දුන්නා.කලින් මොනවා වෙලා තිබුනත් ඒවා අතීතෙනේ,මේ ඉන්නෙ අනාගතේ කියලා.මන් ඒවට අහු උනා.එයත් කිප වතාවක් මාව රූම් එක්කන් ගිහින් මාව අතරමන් කරලා ආයෙම කලින් කෙනා වගෙ යන්නම ගියා.ඒත් අර මල්ලි මාත් එක්ක ඉන්නවා.අපි කවදවත් හම්බ වෙලා නැ.මට කියන්න බැරි උනා නේ.අර මල්ලි හම්බ වුනේ ෆෙස්බුක් එකෙන්.ඔහොම කාලයක් ගිහින් මගේ ජිවිතෙට කිප දෙනෙක් ආවා ගියා.ඒත් අර මල්ලි විතරක් ඉතුරු වෙලා ඉන්නාවා.මට එයා ගැන ආදරයක් නැ.ටික දවසක් ගිහින් එයා මගෙ ෆේස්බුක් හැක් කරලා තිබුනා.එයාට මගේ චැට් ගොඩක් හම්බ වෙලා තිබුනා.මන් එයාට කිව්වෙ මට ඉන්නෙ ඔයා විතරයි කියලනේ.ඉතින් එයාට ඒ චැට් එහෙම අහු වෙලා මගෙන් ප්‍රශ්න කලා.රන්ඩු උනා.මට එදා එයාගෙ ආදරේ දැනුනා ටිකක්.අපි චැට් කරන්න අරන් අවුරුද්දකට ලන් වෙන්න ආවත් එයා මගෙ එක අනවශ්‍ය  පොටෝ එකක් වත් ඉල්ලුවේ නැ.ලගින් හිටියා.ඒත් මට එයාව කොහොමට්වත් දැනුන් නැ.සමහරක්විට එයා මට වඩා බාල නිසා වෙන්න ඇති කියලා හිතනවා.

මන් ඒ අතර තව අය එක්ක යාලු උනා.ෆේස්බුක් එකෙන් එහෙම කතා කල අය.මල්ලී ඒ  හැමදේම දැනන් හිටියා.එයා එක දවසක් මන් බලන්න ආවා.අපි කතා කලා.මන් එයාට දාහක් බොරු කලා.ඉට පස්සේ එයා කිව්වා ඔයා මගේ වෙනව ද කියලා.මන් කිව්වා ඔයාගෙ වෙන්න බැ ඔන නැ කියලා.මොක ද මන් දන්නවා මට එයාට දෙන්න දෙයක් නැ කියලා.එයා කිව්වා එහෙනම් මන් ඔයාගෙන් යනවා  කියලා.මන් ඒකට බය උනා.මන් එයාට ආදරය නොකලට මට එයා නැතුව බැරි උනා.ඉතින් එක නිසා මන් එයාගෙ වෙනවා කියලා එයට පොරොන්දු වුනා.මට ඒත් එයාට මගේ අතිතේ වුන දේවල් කියන්න හිත දෙන් නැ.මගෙ හිතේ එයාට ලොකු ඉඩකුත් නැ.නමුත් මට එයා නැතුවා බැ..ඉතින් ඒ මල්ලියි මායි රූම් ගියා.එයාට සෙක්ස් ගැන එහෙම ලොකු දැනුමක් නැ.එයාගෙ පලමු අත් දැකිම.එයා මගේ වෙන්න උත්සහ කලා.නමුත් මන් එයාට කරන්න දුන්නෙ නැ.මන් මුල් දවසේ ඇඩුවා,එක නිසා එයා එදා මුකුත්ම කලේ නැ.එයා ආයෙ කිව්වා කමක් නැ ඔයාට බයක් තියෙන්නේ කමක් නැ.අපි වෙනින් දවසක ට්‍රයි කරමු කියලා.වෙනින් දවසකත් ගියා.එදාත් මන් ඇඩුවා.ඔහොම තුන් වෙනි දවසෙත් ගියා මන් කිව්වා එද මගේ බඩ රිදෙනවා කියලා.


ඔය ව්දියට අපි 50 වතවකට වඩා රූම් යන්න ඇති.ඒත් මන් එක දවසකවත් එයාට කරන්න දුන්නෙ නැ.එයා දවස් කීපයක් ඇඩුවා,අඩලා කිව්වා මගේ වෙන්න කියලා.එයා මොනවා කලත් මට කිසිම හිතක් නැ එයාගෙ වෙන්න.ඒත් එයා දාල යයි කියලා මට බයක් තිබුනා.එයාට බලෙන් කිසි දෙයක් කරන පුරුද්දක් තිබුනේ නැ.මන් කරපු කියපු දේවල් නිසා එයා ගොඩක් විදෙව්වා.එයා ගොඩක් මානසිකව වැටුනා.අපි හොදටම රන්ඩු උනා.ගහ ගත්තා.එයා කිවේ එකම දෙයයි.මන් ඔයාගෙන් මෙහෙම මගේ වෙන්න කියලා ඉල්ලන්නේ නැ,හැබැයි මන් මෙහෙම මගෙ වෙන්න කියන්නෙ ඔයා මට ගොඩක් බොරු කලා,ඔයා මගේ විශ්වාසය කැඩුවා.මන් ඒ හෑඅදේම විදදරාගෙන ඉන්නේ.ඔයා මගේ වෙන්න ,එතකොට මන් දන්නවා ඔයා මගේ වොතරයි කියලා.ඔය ඉල්ලීම තමයි එයා ඉල්ලුවේ.මන් මේ කතාව ගොඩක් කෙටියෙන් කියන්නෙ.එයා නිසා මන් ගොඩක් හැදුනා.ඒත් මොකක් ද මන් දා හෙතුවකට මට එයාව තෙරුම් ගන්න පිනක් තිබුනේ නෑ.අපි රන්ඩු උනා.කොච්චර රන්ඩු උනා ද කියනවනම් රූම් ගිහින් ආපු හැමදවසකම රන්ඩු.මොක ද මන් එයාගෙ උනේ නැ නේ.ඉතින් හෙම රුම් ගිය හැම දවසකම එයාම කියනවා අපි මේක නවත්වමු කියලා.එහෙම කියලා එයාම මාව බ්ලොක් කරලා ආයෙ එයාම දවස් දෙක තුනකින් එයාම සමාව අරන් මැසේජ් කරනවා.රන්ඩුවක් උනාම එයාම හැමදාම කියනවා මට හොදටම ඇති ජිවත් උනා. මන් මැරෙනවා කියලා.ඔය වචන ටික හැමදාම රන්ඩුවල දි අහන එක මන් එයාගෙන්.අපි අවසානෙට රූම් ගිය දවසේත් එයා ගොඩක් බලාපොරොත්තු තියාගෙන එන්න ඇති මන් එයාගෙ වේවි කියලා.මොක ද මන් එයාට පොරොන්දු උනා මන් එයාගෙ වෙනවමයි කියන එක.ඒත් මන් ඒක කලේ නැ.එයා කිව්වා  ඔයා මගෙ නොවෙන්නෙ ඔයාගෙ පතිවත නැති නිසා නම් බය වෙන්න එපා ඔයාගෙ පතිවත තිබ්බත් නැතත් මන් ඔයාට ආදරෙයි මගේ වෙන්න කියලා.එද ආවත් එදත් එයාට මන් කරන්න දුන්නෙ නැ.එයා බලෙන් කරන්නෙ නැ.මන් හැමදාම එක එක දේවල් කරලා එයාට කරන්න දුන්නෙ නැ.අවසාන වතාවෙත් උනේ එකමයි.අපි එදත් රන්ඩු උනා.මට එයාගෙන් අහන්න තිබුනේ ඔයාට ඔක විතර ද ඕන කියන එක.එ වෙද්දි මන් එයාට ආදරේ කරනවා.නමුත් මට එයත් එක්ක ලින්ගිකව එකතු වෙන්න ඕන කමක් තිබුනේ නැ.එදාත් එයා ගෙදර ගිහින් මාව බ්ලොක් කලා.ආයෙ ටික දවසකින් අන්බ්ලොක් කලා.මන් ඉතින් එයාගෙ ඔය සෙල්ලම දන්න නිසාම මන් දනන්වා ඔය මොනවා කලත් තව ටික දවසකින් මාව අන්බ්ලොක් කරනවා කියන එක.ඔහොම රන්ඩු වේවි ඉදලා එක දවසක් එයාගෙන් කිසිම රිප්ලයි එකක් නැ ඉට කලින් දවසේ ර අපි රන්ඩු උනා.එදා එයා ඇහුවෙ අනේ ඇයි මට ඔහොම කරන්නෙ කියලා.ඒත් මන් දන් නැ මන් ඇයි එහෙම එයාට කරේ කියලා.මන් අදටත් හේතුවක් දන්නෙ නැ.ඒත් මන් එක දෙයක් දැනගත්තා එයා මේ ලොකෙන් ගිහින් කියලා.එදා හැමදේම තේරුනා.මන් එය රිදවපු විදිය මට දැනුනා.මට කර කියා ගන්න දෙයක් නැති උනා.හැමෝම දාල ගියපු මාව් මලක් වගේ එයා බලා ගත්ත විදිය මතක් උනා.මන් නිසා අවසානෙ එයාගෙ ජොබ් පවා නැති උනා.මන් තෙරුම් ගත්තා එදා මගෙ මුරන්ඩුකම.මගේ නපුරුකම.ඒත් ඔහු යන්න ගිහින්ම තිබුනා.

මට අදට එක දෙයක් විශ්වාසයි.මන් දවසක එයාට දුන්නම ගින්දර සිය දහස් වාරයක් විදලම මැරෙනවා කියලා.ඔහුගේ ආදරය මට තේරුම්ගන්න බැරි උනා

මේ වගෙ සිද්දි මේ ලෝකේ කාටවත්ම නැතුව ඇති.

තවත් කිසිත් නොකියම

ස්තූති

Comments